ඊයේ මෙරටින් ආසාදිතයන් 864ක්

පෙබ 01, 2021

    ඊයේ (31) ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ ~ 19 ආසාදිත පුද්ගලයින්‌ 864 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින්‌ අතරින්‌ පුද්ගලයින්‌ 27 දෙදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින්‌ ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින්‌ 837 දෙනා දේශීයව හඳුනාගත්‌ පුද්ගලයින්‌ ලෙස වාර්ථා වේ. හඳුනාගත්‌ ආසාදිතයින්‌ අතරින්‌ වැඩිම ආසාදිතයින්‌ පිරිසක්‌ කොළඹ දිස්ත්‍රික්කයෙන්‌ වාර්ථා වන අතර, ඒ ආසාදිතයින්‌ 362 ක්‌ ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 88 ක්‌ සහ මහනුවර දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 81 ක්‌ ලෙස වාර්ථා වේ. අනෙක්‌ ආසාදිතයින්‌ 306 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්‌ වාර්තා වේ.

    අද (01) දින උදෑසන වනවිට, කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ වාර්තා වූ කොචිඩ්‌ - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 00,179 ක්‌ වේ. ඉන්‌ පුද්ගලයින්‌ 52,002 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත.

    කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර ~ 57,120

    ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින්‌ සංඛ්‍යාව 64,156 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 57,158 ක්‌ පූර්ණ සුවය ලබා රොහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. අද (01) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින්‌ 6,682 දෙනෙකු තවදුරටන්‌ ප්‍රතිකාර ලබයි.

    අද උදෑසන 0600 න් අවසන් පසුගිය පැය 24 තූළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාස්ථාන තුළින්‌ පුද්ගලයින්‌ 882 ක්‌ පූර්ණ සුවය ලබා පිටව ගොස්‌ ඇත.

    අද (01) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින්‌ පාලනය කරනු ලබන නිරෝධායන මධාස්ථාන 98 ක්‌ තූළ පුද්ගලයින්‌ 7,444 දෙනෙකු නිරෝධායනය වෙමින්‌ සිටියි.

    ඊයේ (31) දිනය තුල 0(ෆ1ද පරික්‍ෂණ 15,628 ක්‌ සිදුකර ඇත.

    Latest News