විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුවට ඇමති ජනතා අදහස් ඉල්ලයි (වීඩියෝ)

ජන 26, 2019

    සූර්ය විදුලිබල ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා අදහස් හා යෝජනා ලබන 15 වැනිදාට පෙර ලබාදෙන ලෙස, අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    මේ සඳහා ගත යුතු නව ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීමට අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්ය විදුලිබල නිෂ්පාදනය පිළිබඳවයි. 

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්ය විදුලිබල නිෂ්පාදනයේ වර්තමාන තත්වය, ඒ සඳහා බලපානු ලබන ගැටලු පිළිබඳව ද අවධානය යොමු වුණා. මෙහි දී හම්බන්තොට බර්ඩ්පාර්ක් සූර්ය විදුලිබල ව්‍යාපෘතිය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමු වුණා.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

    "ශ්‍රී ලංකාව තුළ නොමිලයේ ලබාගත හැකි ඉතාම වටිනා සම්පතක් අපි අතේ තිබෙනවා. ඒ තමයි සූර්යබලය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ සම්පත විදුලිබල උත්පාදනය වෙනුවෙන් උපයෝගී කරන්නේ කොහොමද, තවදුරටත් එහි කාර්යක්ෂමතාව සහ උපයෝගීතාව වැඩිකරගන්නේ කොහොමද කියලා බලන්නයි අපි මේ නිරීක්ෂණ චාරිකාවට සම්බන්ධ වුනේ. තරුණ පිරිස්වල අදහස් විමසා බැලුවම අපට ගොඩක් ඉදිරියට යන්න පුලුවන් අදහස් ලැබුණා. සූර්ය විදුලිබල නිෂ්පාදනය සදහා පුද්ගලික අංශය සහභාගි කරගැනීම තුළින් අපේ පාරිභෝගිකයාට කාර්යක්ෂම සේවයකුත් අවම මිලකට විදුලිය ජනනය කිරීමේ වැඩපිළිවෙලකුත් පිළිබදව අපි අද සාකච්ඡා කළා" යැයි පැවසීය.

    Last modified on සෙනසුරාදා, 26 ජනවාරි 2019 21:35

    Latest News