ආබාධිත රණවිරුවන්ට සහ වැන්ඳබු බිරින්දෑවරුන්ට නිවේදනයක් (වීඩියෝ)

ජන 26, 2019

    මෙහෙයුම් රාජකාරී, ත‍්‍රස්තවාදී ක්‍රියා හෝ වෙනත් නීතිය ක්‍රියාත්මක කිරීම් හීදී හෝ ආබාධිත වු ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට, මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට මෙන්ම යැපෙන්නන්ට අවුරුදු 55 තෙක් පිරිනමන වැටුප් සහ දීමනා ජීවිතාන්තය තෙක් ගෙවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

    ඒ අනුව ඉදිරි මාස දෙකක් තුළ ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතයි.

    ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක් විසඳීම සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවර දැනුවත් කිරීමට ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී මේ බව සඳහන් කෙරිණි. ආබාධිත හා මියගිය රණවිරුවන්ගේ ජාතික සංසදය, රණවිරු බිරින්දෑවරුන්ගේ දිස්ත්‍රික් සහ ජාතික සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් එම හමුවට කැඳවා තිබිණි. ආබාධිත රණවිරුවන් විසින් ඉල්ලීම් 08 ක් ජනාධිපති වෙත ඉදිරිපත් කර තිබූ අතර ඊට විසඳුම් දීමට පියවර ගෙන තිබේ.

    රණවිරුවන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් රණවිරු ගැටලූ විසඳීමට ජනාධිපති නිරන්තරයෙන් මැදිහත්වීම සිදුකෙරේ.

    Last modified on සෙනසුරාදා, 26 ජනවාරි 2019 21:05

    Latest News