ගාල්ල දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වැන්න මිළදී ගනී

ජන 31, 2021

    ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු වතාවට 2020/21 මහ කන්නයේ ගොවින්ගේ වී අස්වැන්න මිලදී ගැනීම අද (30) වළහන්දූව යග්ගහවිල යායේදී සිදුකෙරිණි.

    ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හා වී අලෙවි මණ්ඩලයේ මැදිහත්වීමෙන් වී මිලදී ගැීම සිදුකෙරිණි.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ගේ වී අස්වැන්නෙන් වී කිලෝ ලක්ෂ 13ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇත.

    එහි සමාරම්භය සනිටුහන් කරමින් සෞභාග්‍යයේ දැක්ම "කෘෂි නවෝදය" වැඩසටහන යටතේ යග්ගහවිල යායේ ගොවීන්ගේ වී අස්වැන්න මිලදී ගැනීම ඊයේ (30) වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ හා පොහොර නිෂ්පාදන සැපයුම් රසායනික පොහොර කෘමිනාශක භාවිතා නියාමන රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් පී ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකරණු ලැබීය.

    රජය මගින් සම්බා වී කිලෝවක් රුපියල් 52කට මුදලකට හා නාඩු වී කිලෝවක් රුපියල් 50ක මුදලකට මිලදී ගනු ලැබේ.

    Latest News