චීනය මුඛ ආවරණ බිලියන 220ක් අපනයනය කරයි - වාණිජ අමාත්‍යංශය

ජන 31, 2021

    චීනය විසින් පසුගිය වසර තුළ මුඛ ආවරණ බිලියන 220ක් අපනයනය කර ඇති බව එරට වාණිජ අමාත්‍යංශය පවසයි.

    මීට අමතරව චීනය විසින් නිෂ්පාදනය කරනු ලබන ආරක්ෂිත උපකරණ සඳහා පවතින ඉල්ලුමද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ පසුගිය වසර තුළ ආර්ථික ක්‍රියාකාරකම් විශාල වශයෙන් පහළ බැසීමට ලක්වුවද මුඛ ආවරණ අපනයනය කිරීම එරට ආර්ථිකයේ වැදගත් සන්ධිස්ථානයක් පෙන්නුම් කළ බව වාණිජ අමාත්‍යංශය පෙන්වාදෙයි.

    මුඛ ආවරණ වලට අමතරව වෙනත් ආරක්ෂිත උපකරණ මිලියන 2.3ක් සහ පරීක්ෂණ කට්ටල බිලියන 1ක් ද චීනය විසින් පසුගිය වසරේදී වෙනත් රටවල් වෙත අපනයනය කර තිබේ.

    Latest News