පාර්ලිමේන්තුවේ සතියකට වරක් අහඹු PCR පරීක්ෂණ

ජන 29, 2021

    පාර්ලිමේන්තු සංකීර්ණයේදී සතියකට වරක් කාර්ය මණ්ඩලය අහඹු ලෙස පී.සී.ආර්.පරීක්‍ෂණයට ලක් කිරීම සිදුකරන අතර එම පරීක්‍ෂණ අවස්ථාවන්ට ඉදිරිපත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය සහිතව, ඉදිරියේ දී පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන කාලසීමාවන්හීදී මෙන්ම, නොපැවැත්වෙන කාලසීමාවන්හීදී ද සතියකට වරක් මෙම පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

    මේ අතර මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ආසාධිත බව දැනගැනීමෙන් පසු ඔහු සමඟ සුළු වශයෙන් ඇසුරක් පවත්වා ඇති බවට වාර්තා වූ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා ස්වේච්ඡාවෙන්ම පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්‍ෂණවලට ඉදිරිපත්ව ආසාධිත නොවන බවට ලැබී ඇති වෛද්‍ය වාර්තා දැනටමත් වේත්‍රධාරී වෙත ඉදිරිපත් කර ඇත.

    2021 ජනවාරි මස 13 වැනි දින සිට මේ දක්වා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් යටතේ අවසන් වරට 190 දෙනෙක් ජනවාරි 25 වැනි දින පරීක්‍ෂාවට භාජනය කරන ලද අතර එම සියලු දෙනා ආසාධිත නොවන බවට තහවුරු වී ඇත.

    Latest News