දකුණු පළාතේ නව ආසාදිතයින් 48ක්..සමස්තය 2502ක්

ජන 29, 2021

    දකුණු පළාතට අයත් ගාල්ල,මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (28) වාර්තා වූ නව ආසාදිතයින් 48 දෙනා සමග මේ වන විට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,502 දක්වා ඉහළ ගොස් ඇතැයි, දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

    ඒ අනූව මාතර දිස්ත්‍රික්කයේ වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 913ක්. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1320ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 269ක් වාර්තා වෙයි. ගතවූ පැය 24 තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 9 දෙනෙක් හා මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 30 දෙනෙක් ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 9 දෙනෙක් ද අලුතින් වාර්තා වී තිබේ.

    දකුණු පළාතේ පවුල් 2,721ක පුද්ගලයින් 7,536 දෙනෙක් මේ වන විට නිරෝධායනයට ලක්කර සිටියි.

    කොරෝනා රෝගීන් සොය ගැනීම සඳහා දකුණු පළාතේ මේ වන විට පීසීආර් පරීක්ෂණ 86,702ක් සිදුකර තිබේ. එයින් ගාල්ල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 40,165ක් ද මාතර දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 26,955ක් ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 19,582ක් ද සිදුකර තිබේ.

    Latest News