මුව ආවරණය හරි දැයි බලන්න විශේෂ පොලිස් මෙහෙයුම්

පෙබ 03, 2021

    සෞඛ්‍ය ආරක්ෂිතව මුව ආවරණ නිවැරදිව පළඳිනවා ද බැලීමට අද දිනයේ විශේෂ පොලිස් මෙහෙයුමක් කොළඹ ප්‍රදේශ කිහිපයක දී ආරම්භ කර තිබිණ.

    මෙහිදී මුව ආවරණය සම්පූර්ණයෙන් නහය සහ මුඛය ආවරණය නොවන ආකාරයෙන් පැළඳ සිටි බොහෝ පිරිස් වෙත පොලිසිය විසින් දැඩි අවවාද කරනු ලබන ආකාරයත් දැක ගන්නට හැකි විය. මෙවැනි පිරිස් සම්බන්ධයෙන් පොලිසිය ඔවුන්ගේ තොරතුරු සටහන් කර ගෙන ඉදිරියේ දී මෙවැනි පුද්ගලයන් ට විරුද්ධව නීතිමය කටයුතු කරන බවටද මෙහිදී තරයේ අවවාද කර සිටියා. රථවාහන වලින් හා පයින් ගමන් කරන බොහෝ පිරිස් මෙවැනි ආකාරයෙන් මුව ආවරණ නිවැරදිව පළඳා නැති බව පොලිසිය ඔවුන් වෙත දන්වා ඔවුන්ට දැඩි අවවාද කරන ආකාරයත් දැක ගන්නට හැකි වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

    Latest News