තවත් 423ක් සුවය ලබා පිටව යයි

ජන 25, 2021

    අද (25) උදෑසන 6.00 වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 423ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    එමෙන්ම ඊයේ දිනයේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙදෙනෙක් මියගොස් ඇති අතර ඔවුන් මරදාන, කොළඹ 14 සහ පූජාපිටිය යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    ඒ අනුව, අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 283ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 94ක් තුළ පුද්ගලයින් 7,812 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (24) දිනය තුල PCR පරික්ෂංණ 17,523 ක් සිදුකර ඇත.

    Latest News