නිරෝධායන නීති කැඩූ 12ක් අත්අඩංගුවට

ජන 25, 2021

    ගතවු පැය 24ක කාලය තුළ මුහුණු ආවරණය නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ සිදුකළ එම මෙහෙයුම්වල දී ‍පුද්ගලයින් 2,746 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    ඉන් 2600 දෙනෙක්ට මේ වනවිට නඩු පවරා තිබේ.

    එම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    Latest News