වසර 10කට පසු වන අලි සංගණනයක් - වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ජන 23, 2021

    මේ වසරේදි දීපව්‍යාප්ත අලි සංගණනයක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇතැයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

    ආසියානු අලි සංගණනය කිරීම අපහසු බවත්, මෙරට කැලෑ ආශ්‍රිතව අලි 7000ක් පමණ ජීවත් වන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර පවසයි.

    මෙරට දීපව්‍යාප්ත වන අලි සංගණනයක් සිදු කරනු ලැබුවේ 2011 වසරේදී.

    එම සංගණනයට අනුව වන අලි 5879ක් සිටින බව අනාවරණය විය.

    ඉකුත් 2019 වසරේදී ද දීපව්‍යාප්තව අලි සංගණනයක් කිරීමට නියමිත වුවද පැවැති වර්ෂා තත්ත්වය නිසා එය සිදු කිරීමට නොහැකි වූ බවද ලේකම්වරයා පැවසීය.

     

    Latest News