බැඳුම්කර ගනුදෙනුව - මහ බැංකුවේ ලොකු පුටු 02කට චෝදනා

ජන 24, 2019

    මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සහ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා සැකකරුවන් ලෙස නම් කිරිමට ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද මෝසමක් ඉදිරිපත් කෙරිණ. 

    මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින අර්ජුන ඇලෝසියස් විසින් මෙම මෝසම ගොනු කර තිබේ.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ මහබැංකු බැඳුම්කර ගනුදෙනු නඩු කැඳවනු ලැබිණ. අර්ජුන ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරන නන්දලාල් වීරසිංහ සහ ආනන්ද සිල්වා යන අය වගකිව යුතු බවට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර ඇති බවයි.

    මෙම පරීක්ෂණයට අදාළ විගණකාධිපති ප්‍රකාශයේ ද මහ බැංකු බැඳුම්කර වංචාවට ආනන්ද සිල්වා සහ නන්දලාල් වීරසිංහ වගකිව යුතු බවට ඍජුව ම කරුණු දක්වා ඇති බවත් ඇලෝසියස් පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

    Latest News