බෝපත්තලාව කදුවැටියේ ගින්නක්

ජන 24, 2019

    බෝපත්තලාව කදුවැටියේ ගින්නක් හට ගෙන ඇතැයි අප වාර්තාකරු පවසයි.

    බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපලේ බටහිර මායිමේ පිහිටි මෙම ගින්න හට ගෙන තිබේ. අද (24) පස්වරු 1 ට පමණ හට ගත් මෙම ගින්න සිඝ්‍රයෙන් කදුවැටිය පුරා පැතිර යමින් පවති.

    මෙම කදුවැටියේ බෝපත්තලාව රක්ෂිතයද පිහිටා ඇති අතර එයට ද ගින්න පැතිර යමින් පවතින බව අප වාර්තාකරු පවසයි. බෝපතත්තලාව කදුවැටිය සිට කාසල්රි ජලාශට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන කෙසෙල්ගමුඔයට ජලය ලැබෙන ඇළ මාර්ග කිහිපයක්ද කදුවැටියෙ පිහිටා ඇත. මෙම ගලා බසින ජල මුලාශ කිහිපයක් හරස් කරමින් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු ගණනාවකට පානිය ජලයද ලබාගනි.

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග විවිධ පිරිසක් රක්ෂිත වලට ගිනි තැබිම් කරනු ලබයි. ගින්න මැඩ පැවැත්විමට කිසිවෙක් ඉදිරිපත් වි නොමැත.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ජනවාරි 2019 16:07

    Latest News