මේ පිළිබඳ සාකච්ඡාවක් ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් හා ජල සම්පත් මණ්ඩලයෙහි මාණ්ඩලික නිලධාරී අතර එම ආයතනයේ දී පැවැත් විණ.
වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ජල සම්පත් මණ්ඩලයෙහි මූලික අරමුණක් වන භූගත ජල කළමනාකරණය නිසි පරිදි මේ වන තෙක් ඉටු වී ඇති දැයි සිතා බලන ලෙස අමාත්‍යවරයා මේ අවස්ථාවේ දී විමසා සිටියේය.
මේ වන විට අදාල රෙගුලාසි සමත්ව ඇති සහ තත්ත්ව සහතිකය ලැබූ පානීය ජල සමාගම් 164ක් ලියාපදිංචිය තහවුරු කර තිබේ. නමුත් රටේ දහස් ගණනක් සමාගම් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකොට පානීය ජල බෝතල් කර්මාන්තයේ යෙදී සිටින බව අමාත්‍යවරයා පැවසීය. ඇතැම් ජල බෝතල් සමාගම් අදාල පරිසර වාර්තා ද සමත්ව නොමැති බවත්, භූගත ජල ධාරිතාව ලීටර් ලක්ෂය ඉක්මවා ජල ලබා ගැනීම්වල නිරත වන බවත් පැවසීය. එම සමාගම් වෙත පනත බලවත් කරමින් ගාස්තු අය කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
මේ අතර ජල උල්පත් ආරක්ෂා කිරීම පිණිස අනවශ්‍ය ආකාරයෙන් පමණ ඉක්මවා නල ළිං ඉදිකරන්නන් එයින් වැලැක්වීමට කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ වන විට නල ළිං ඉදිකිරීමේ පෞද්ගලික ආයතන 196ක් පමණ ගැඹුරු නල ළිං කැණිම්වල නිරත වී ඇති බවත්, ඉන් ආයතන 13ක් පමණක් යෝග්‍යතා මට්ටම සපුරා ඇති බැවින් අනෙකුත් සමාගම් වහාම යෝග්‍යතා සහතික ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය. එසේ නොකරන්නේ නම් නීත්‍යානුකූලව ඒ සමාගම් සඳහා පියවර ගැනීමට කාලය එළඹ ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.
මූලික අවශ්‍යතාවක් වන පානීය ජලය සුරැකීමේ වගකීම ජල සම්පත් මණ්ඩලය වෙත 2017 මාර්තු 16 2010/23 දරන ගැසට් පත්‍රය මඟින් පැවරී ඇත. නියමිත පරිදි භූගත ජල කළමනාකරණය ක්‍රමවත්ව සිදු කොට රටෙහි භූගත පානීය ජලය ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන ජල සම්පත් මණ්ඩලය තවදුරටත් බලවත් කොට පානීය ජල උල්පත් සුරැකීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා මෙම මාණ්ඩලික නිලධාරී හමුවේ දී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.ඩී ආරියරත්න, අමාත්‍යතුමාගේ උපදේශක ශිරානි වීරකෝන් ඇතුළු ජල සම්පත් මණ්ඩලයේ නිලධාරීන් සහභාගී විය.