මොරටුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කල සැකකරුවන් රිමාන්ඩ්

ජන 11, 2021

    මොරටුව,එගොඩඋයන,ජෝශප් ප්‍රදේශයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙක් සහ සැකකාරියක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

    ලද තොරතුරකට අනූව, එගොඩඋයන පොලීසිය විසින් පසුගියදා ඔවුන් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු මීට පෙර ද රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙක්.

    ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු දෙකක් ද විභාග වෙමින් පවතින බවයි,පොලීසිය පවසන්නේ. ඔහු හා එක්වී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට කාන්තාව සතුව තිබී හොරොයින් මිලිග්‍රෑම් 2,300ක් පොලිස් භාරයට ගැනිණ.

    සැකකරු සතුව තිබී හොරොයින් මිලිග්‍රෑම් 4,500ක් සහ රුපියල් 9,000ක මුදලක් ද ජංගම දුරකථනයක් ද පොලිස් බාරයට ගෙන තිබේ. ඔවුන් දින 14ක කාලයකටයි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    Latest News