ජාත්‍යන්තරව සිදුකරණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් තුලින් උපයා ගන්නා ලද මුදල් හා පාකිස්ථානයේ නිෂ්පාදිත පිස්තෝලයක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

විදේශයන්හි සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකරුවන්, 6 දෙනෙක් හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මොරටුව,එගොඩඋයන,ජෝශප් ප්‍රදේශයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙක් සහ සැකකාරියක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

දඹුල්ල සහ අවට ප්‍රදේශවලට ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදාහරින පුද්ගලයන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා දඹුල්ල පොලිසියට අවසර ලබාදී තිබේ.

Latest News