දඹුල්ලේ ඊසිකෑෂ් කුඩු කල්ලිය අල්ලයි

ජූනි 23, 2019

    දඹුල්ල සහ අවට ප්‍රදේශවලට ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදාහරින පුද්ගලයන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා දඹුල්ල පොලිසියට අවසර ලබාදී තිබේ.

    සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ දඹුල්ල, කණ්ඩලම හන්දිය ආසන්නයේදීයි. ඔවුන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 19 මිලිග්‍රෑම් 250 සොයා ගැනිණ.  සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කළක සිට දඹුල්ල සහ අවට ප්‍රදේශවලට විශාල ප්‍රමාණයේ ඊසි කෑෂ් ක්‍රමයට මෙම මත් කුඩු අලෙවිය සිදු කරන බව අනාවරණය විය.

    මෙම පුද්ගලයන් හට මත්කුඩු ලැබෙන ප්‍රදේශය හා මත්කුඩු වලට ඇබ්බැහි වූවන් පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකිවිය. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 23 ජූනි 2019 08:47

    Latest News