පාස්කු ප්‍රහාරය සම්බන්ධව ශ්‍රී ලාංකිකයින් 3කට ඇමෙරිකාවේ දී චෝදනා

ජන 09, 2021

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනකුට එරෙහිව ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ෆෙඩරල් අධිකරණය මගින් චෝදනා ගොනු කර තිබෙනවා.

    එම පුද්ගලයන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අධිකරණය ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා දායක වන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරනවා. පාස්කු ප්‍රහාරයේ දී ඇමෙරිකානු ජාතිකයන් පස් දෙනෙකු ඝාතනය කිරීම ලොස්ඇන්ජලිස් අධිකරණය මගින් සැකකරුවන්ට නගා ඇති චෝදනාවයි.

    මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්ඛන් හා අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන ශ්‍රී ලාංකික සැකකරුවන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට සිරගතව සිටිනවා. මේ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයින් බවයි ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. අමරිකානු FBI රහස් පරීක්ෂණ ආයතනය සහ ත්‍රස්තවාදය පිටු දැකීමේ ආරක්ෂක අංශය එක්ව සිදුකළ පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී තිබෙනවා.මොහොමඩ් නවුෆර් මෙරට IS කල්ලියේ දෙවැනි ප්‍රධානියා බවත් මොහොමඩ් රිස්ඛන් බෝම්බ නිෂ්පාදකයා බවත් තහවුරු වී තිබේ. හයාතු මොහොමඩ් නැමැත්තා 2018 වසරේ දී වව්නතිව් හිදී පොලිස් නිලධාරීන් ඝාතනය කළ අයෙක්.

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අධිකරණ ක්‍රියාවලිය සඳහා අමෙරිකානු සහාය හිමි වන බවයි අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට ශ්‍රී ලංකාවට ඇති ශක්තිය පිළිබඳව අමරිකාව දැඩි ලෙස විශ්වාස කරන බවයි california මධ්‍යම දිස්ත්‍රික්ක රාජ්‍ය නීතිඥ නික් හැනා ප්‍රකාශ කරන්නේ. ලොස් ඇන්ජලීස් අධිකරණය මගින් ගනු ලැබූ ක්‍රියාමාර්ගමාර්ගය තුළින් ශ්‍රී ලංකාවේ සිටින පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට අන්තර්ජාතික වශයෙන් ගැලවී යාමට ඇති ඉඩකඩ අහුරා ඇති බවයි නීතිඥ හැනා ප්‍රකාශ කරන්නේ.

    Last modified on සිකුරාදා, 15 ජනවාරි 2021 05:42

    Latest News