පළාත් කිහිපයකට මි.මී 150 ඉක්මවු වැසි

ජන 10, 2021

    උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙම වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    සෙසු ප්‍රදේශවල ඇතම් ස්ථානවලට මි.මී 100ට තද වැසි ඇති වේ. දිවයින පුරා අහස වලාකුළු සහිතව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

    උතුරු සහ උතුරු මැද පළාත් හරහා සුළඟේ වේගය විටින් විට පැ.කි.ම‍40 - 50 දක්වා වැඩි විය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News