හංවැල්ලේ හිමි ඝාතනයට සැකපිට 4ක් අත්අඩංගුවට

ජන 06, 2021

    හංවැල්ල ප්‍රදේශයේ ආරණ්‍යයකින් අතුරුදන් වූ ස්වාමීන් වහන්සේගේ පිළිස්සුණු සිරුර කොටදෙණියාව සුසාන භූමියකින් සොයා ගනී.

    පෞද්ගලික ආරවුලක් මත පැහැර ගෙන ඝාතනය සිදුකර ඇති බවයි මූලික පරීක්ෂණ වලින් හෙළිව ඇත්තේ.

    හංවැල්ල තුම්මෝදර කොස්වත්ත කොඩිකන්ද ආරාණ්‍ය සේනාසනයේ හිමිනමක පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය දෙවනදායි.

    65 හැවැරිදි පූජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන් මෙසේ පැහැර ගැනීමෙන් අනතුරුව ඝාතනය කර ඇති බවටයි හෙළි වුණේ.

    ඒ උන් වහන්සේගේ සිරුර හමුවීමත් සමග සිදුකළ පරීක්ෂණ වලට අනුවයි.

    මෙම පැහැරගැනීමට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ආරණ්‍යය සේනාසනයේ කුඩා සාමණේර හිමිනමකගේ දෙමව්පියන් ද සැකකරුවන් අතර වන බවයි පොලිසිය පවසන්නේ.

    Latest News