ශ්‍රී ලංකා වරාය අධිකාරිය නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයට මුල්ගල තබයි

ජන 04, 2021

    කලාපීය කේන්ද්‍රිය වරායක් ලෙස කොළඹ වරාය ගෝලීය සැපයුම් දාමය සහ ශ්‍රී ලාංකේය ආර්ථිකයේ සැපයුම් දාමය සංවර්ධනය කරමින්, වරාය තරගකාරීත්වය පවත්වා ගනිමින්, ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුගතව වරාය සේවා පහසුකම් සංවර්ධනයට පියවර ගෙන තිබේ.

    ඒ යටතේ කොළඹ වරායේ බහලු මෙහෙයුම් මධ්‍යස්ථානවල ගුණාත්මක තත්ත්වය ඉහළ නංවාලීමේ අරමුණෙන් නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයට මුල්ගල තැබීම අද දින (04) සමගි බහලු පර්යන්ත පරිශ්‍රයේ දී සිදුවිය.

    මෙම යෝජිත බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය තුළ සාමාන්‍ය නැව්බඩු සඳහා වර්ග මීටර් 9,500 ක් ද අන්තරායකර නැව්බඩු ගබඩා කිරීම් සඳහා වර්ග මීටර් 1060 වපසරියකින් ද සමන්විත ය.

    වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන,ගුදම් පහසුකම්,බහලු අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නාවික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරුන් මේ අවස්ථාවට එක්ව සිටියේය.

    මේ මොහොත වරායේ උන්නතිය වෙනුවෙන් දායක වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා සැපයුම් ක්‍ෂේත්‍රයේ විශේෂිත පිටුවක් පෙරලන මොහොතක් බැව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    Latest News