සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙරටට පැමිණි පළමු සංචාරකයින් (වීඩියෝ)

දෙසැ 28, 2020
  • සංචාරකයින් සඳහා යළි රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පළමු සංචාරක කණ්ඩායම අද දිවයිනට පැමිණියා.

    ඒ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් ගුවන් තොටුපලෙන්. යුක්රේනයේ සිට පැමිණි එම කණ්ඩායමට 186 දෙනකු ඇතුලත්. ඉන් 22කුම ළදරුවන් වීම විශේෂත්වයක්.

    කොවිඩ්19 හේතුවෙන් මෙරට ගුවන් තොටුපළ වසා දැමුවෙමි පසුගිය මාර්තු 19වැනිදායි. පසුගිය මාස 9ක කාලය තුළ මෙරටට කිසිඳු සංචාරකයෙකු නොපැමිණි අතර ගුවන්තොටුපල මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ විදෙස් ගත ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන් යානා වෙනුවෙන් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා පමණයි. සිය ජීවනෝපාය අහිමි වීම හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරයෙන් සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ තිහකට ආසන්න පිරිසක් පීඩාවට ලක් වුණා.

    මේ තත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව සංචාරකයින්ට රට යළි විවෘත කිරීමට සැලසුම් කෙරුවා. අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබුවා. අද දිවයින පැමිණෙන යුක්රේන සංචාරක කණ්ඩායම පැය 72 ක ට පෙර PCR පරීක්ෂණයකට ලක් කෙරුණු අතර අදාළ හෝටල්වල ලැගුම් ගැනීමට පෙර තවත් PCR පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. ඉදිරි දින හත තුළ ඔවුන් යළි PCR පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි. දින 10ක කාලයක් ඔවුන් මෙරට රැඳී සිටිනවා.

    Latest News