ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය මාස 3 කින්

දෙසැ 20, 2020

    ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය මාස 3ක් තුළ සැකසීමට පියවර ගැනේ.

    ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස්කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව ගන්නෝරුව උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ දී පළමුවරට රැස්විය.

    ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් කමිටුවට සාමාජිකයන් 13 ක් ඇතුලත්වේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා එහි සභාපතිත්වය දරයි.

    දේශපාලන භේද, වෙනත් බලපෑම් කිසිවක් නොසලකා මාස 03 ක් තුළ ජාතියේ අවශ්‍යතාවයක්ව පවතින ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කර දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී කමිටුවෙන් ඉල්ලීමක් කළේය.

    කාබනික පොහොර අධිකාරියක් ස්ථාපිත කිරීම, බීජ නිෂ්පාදනයෙන් රට සන්නද්ධ කිරීම, බෝග 16 න් රට ස්වයංපෝෂිත කිරීම, කෘෂි තාක්ෂණයෙන් ගොවියා පොහොසත් කිරීම, කෘෂි අපනයන ගම්මාන ඇතුළු ගොවියාට දැනෙන වැඩසටහන් රැසක් දැනටමත් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    Latest News