ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තවත් සාකච්ඡාවක් ලබන 30

දෙසැ 20, 2020

    දෙරට අතර ධීවර ගැටළු විසඳීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තවත් සාකච්ඡාවක් ලබන 30 වැනිදා පැවැත්වේ.

    දෙපාර්ශ්වය නම් කර ඇති ධීවර ක්‍රියාකාරී කමිටු ඒ සඳහා සහභාගි වනු ඇත.

    ශ්‍රී ලංකා නාවික හමුදාව ඉකුත්දා ඉන්දීය ධීවරයින් 36 දෙනෙකු සමග ධීවර යාත්‍රා පහක් තම භාරයට ගත්තේය.

    එම ධීවරයන් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමද මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා වලදී සිදුවෙයි.

    ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීම මෙරට ධීවර ප්‍රජාවට කලක සිට පවතින ගැටඵවකි.

    අවස්ථා ගණනාවකදී ඒ පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවතියත් මෙතෙක් අවසන් විසඳුමකට පැමිණීමට හැකි වී නැත.

    Latest News