නව රැකියා අවස්ථා දස දහසක් බිහි කෙරෙන විදේශ ආයෝජන තුනක් ඉදිරි වසරේදී

දෙසැ 20, 2020

    නව රැකියා අවස්ථා දස දහසක් බිහි කෙරෙන විදේශ ආයෝජන තුනක් ලබන වසරේදී මෙරටට හිමිවන බව අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    මෙම ව්‍යාපෘති තුනම මහා පරිමාණ ව්‍යාපෘතීන් ය.

    රුපියල් බිලියන 550 ක් එමගින් ශ්‍රී ලංකාවට හිමිවේ.

    ලබන වසරේදී සමස්ත විදේශ ආයෝජන මත මෙරටට ලැබෙන රැකියා අවස්ථා සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න ය.

    කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පළමු ආයෝජන තුන යටතේ සිදුකෙරෙන එක් ව්‍යාපෘතියකි.

    හම්බන්තොට කර්මාන්තපුරයේ රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සහ ඖෂධ නිෂ්පාදනාගාරයක් ද ආරම්භ කෙරේ.

    Latest News