ජනවාරියේ බස්නාහිර පාසල් විවෘත කිරීම පිළිබඳ තවම තිරණයක් නැහැ

දෙසැ 19, 2020

    ජනවාරි මාසයේ බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව බලධාරින් පවසයි.

    පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

    කොවිඩ් තත්ත්වය මත පදනම්ව, බස්නාහිර පළාත හැර දිවයිනේ සෑම ප්‍රදේශයකම පාසල් ජනවාරි මාසයේ දී නැවත විවෘත කරන බව ඇය පැවසුවාය.

    කෙසේ වෙතත් මෙම තිරණයද වෙනස් විය හැකි බව ඇය සඳහන් කළාය.

    ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරියාගේ උපදෙස්වලට අනුව තම ප්‍රදේශයේ පාසල නැවත විවෘත කිරීමට ආරක්ෂිත ද නැද්ද යන්න පාසල් විදුහල්පතිවරුන්ට තීරණය කළ හැකි බව ඇය සඳහන් කරමි ඇය කියා සිටියේ පාසල් ආපනශාලා ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී නොමැති බවත්, එබැවින් ළමයින් තම ආහාර නිවසින් ගෙන ආ යුතු බවත් ය.

    Latest News