ඊයේ ආසාදිතයින් 538ක්..කොළඹින් 304ක්

දෙසැ 11, 2020

    ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ් - 19 ආසාදිත 538 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයින් අතරින් 68 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර තවත් එක් පුද්ගලයෙක් විදේශීය ජාතික සිවිල් නාවික ආරක්ෂක නිලධාරියෙක් ලෙස හඳුනාගෙන ඇත.

    ඉතිරි පුද්ගලයින් 469 දෙනා දේශීයව හඳුනාගත පුද්ගලයින් වන අතර එම හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ. එම සංඛ්‍යාව 304ක්.

    ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 දෙනෙක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙක් වාර්තා වී තිබේ.

    Latest News