හුදකලා මහල් නිවාස ඉන් මුදාහැරිමට අවධානය (වීඩියෝ)

දෙසැ 10, 2020
  • හුදෙකලා කර ඇති මහල් නිවාස ඒම තත්වයෙන් ඉවත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි කොවිඩ්-19පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒම නිවාස ආශ්‍රිත කොවිඩ් 19 රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ වැඩිකර තිබේ. පරීක්ෂණ වාර්තා අනුව, ඉදිරි දින කිහිපය තුළ ඒම මහල් නිවාස හුදෙකලා බවින් ඉවත් කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව යුද හමුදාපතිවරයා පවසයි.

    කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා ඉකුත් 8 සිට මහල් නිවාස ආශ්‍රිත පීසීආර් සහ කොවිඩ් ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කෙරිණ.

    අත්‍යවශ්‍යම හේතුවක් හැරුණු කොට ඒළඹෙන සිරිපා සමයේ ශ්‍රී පාදස්ථානය වැඳපුා ගැනීමට යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ගුවන් තොටුපළ විවෘත කර සංචාර සඳහා රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සෞඛ්‍ය බලධාරින් සමඟ ඊට අදාළ සාකච්ජා මේ වනවිට පැවැත්වෙන්නේ අවසන් අදියරේ.

    මෙරට ගුවන් මෙහෙයුම්වල නිරතවන ගුවන් සේවා නියෝජිතයන් සමඟ අද පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. හමුව පැවැත්වුණේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය හා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 දෙසැම්බර් 2020 20:44

    Latest News