කොස්ලන්ද යළිත් අවදානම්

ඔක් 23, 2018

    දිවයිනේ නොකඩවා වැඩිම දින ගනණක් නාය ගිය, වැඩිම දුරක් පැතිර ගිය නායයාම ලෙස ඉතිහාස ගතවි ඇති කොස්ලන්ද නාකැටිය නාය ගිය ස්ථානයට ඉහලින් තවත් නාය යාමක් සක්‍රීය වී ඇතැයි ආපදා කළමණකාර බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතා පවසයි.

    අද සවස් වන විට නාය ව්‍යාප්ත වෙමින් තිබේ. අක්කර 10ක පමණ කොටසක් නායයාමට ගොදුරුව ඇත.

    අම්පිටිකන්ද වත්තේ අඹරගල කොටසේ මෙම නාය යන ස්ථානයට ඉහලින් කම්කරු පවුල් 12ක් ජිවත්වෙති.

    ඔවුන් මේ නායයාම නිසා වන අවධානම සොයාබැලීම සදහා උදයකුමාර මහතා ජාතික ගොඩනැලි පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥයන් සමග අද භූමි පරික්ෂණයක් කළහ.

    වැස්ස පිළිබදව අවධානයෙන් සිටින ලෙසත් සැකයක් ඇතිවුවහොත් නායයන ස්ථානයේ මාර්ගයෙන් ගමන් කිරිමෙන් වලකින ලෙසටත් ආපදා කළමනාකර සහකාර අධ්‍යක්‍ෂවරයා මෙහිදි එම ජනතාවට දැනුම් දුන්නේය .

    Latest News