වප් පුර පසළොස්වක පොහොය අදයි

ඔක් 24, 2018

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (24) යෙදී තිබේ.

    වප් පොහොය සමග කථින චීවර පුජා සමය ද ඇරඹේ. බුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කර, මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනාකොට, දඹදිව සංකස්සපුරයට වැඩම කළේ අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

    ඉන්දියාවේ, ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩම කරවීමට පියවර ගැනුණේද, වප් පොහොය දිනකය.

    ශ්‍රී ලංකාව දහම් දිවයිනක් කළ, අනුබුදු මිහිඳ මහරතහතන්වහන්සේගේ පරිනිර්වානය සහ අරිට්ඨ මහරතහතන්වහසේ ථූපාරාමයේ දී විනය පිටකය සංගායනා කිරීමද, වප් පොහොය හා බැඳුණු ඓතිහාසික සිදුවීම් අතර වේ. අධිශීල සංඛ්‍යාත භික්ෂූන්වහන්සේ වස් පවාරණය කරන්නේ ද, වප් පොහොය සමඟනි.

    දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම අද විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.

    ජාතික රූපවාහිනිය "සද්ධර්ම වර්ෂා" ආගමික වැඩසටහන් දවස පුරා සජීව ලෙස විකාශය කෙරෙන්නේ, ගෝනපොල, ඔලබොඩුව රාජමහා විහාරස්ථානයේ සිටය.

    සෑම පොහොයකදීම ජනාධිපතිතුමාග් ප්‍රධානත්වයෙන් පැවැත්වෙන "සදහම් යාත්‍රා" ධර්මදේශනා මාලාව ද ජනාධිපති මන්දිරයේ සිට අද විකාශය වනු ඇත.

    Last modified on බදාදා, 24 ඔක්තෝබර් 2018 10:17

    Latest News