CIDය නාලකගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි

ඔක් 23, 2018

    ත්‍රස්ත විමර්ශන ඒකකය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මීට ස්වල්ප මොහොතකට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

    නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව සිව්වන දිනටත් අද (23) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.

    ඒ අනුව අද පෙරවරු 11'30ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඔහුගෙන් පැය 6කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම් සිදුකර ඇත.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් දූෂණ විරෝධි බලකායේ ලේකම් නාමල් කුමාර කළ පැමිණිල්ලකට අනුව මෙම ප්‍රශ්න කිරීම් ඔහුගෙන් සිදු කෙරේ.

     

    Last modified on අඟහරුවාදා, 23 ඔක්තෝබර් 2018 19:46

    Latest News