අදට මිනුවන්ගොඩ සහ මත්ස්‍ය වෙළඳපල පොකුරේ ආසාදිතයින් 25,818 ක්‌

දෙසැ 09, 2020

    අද (09) උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම්‌ කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරේ කොචිඩ්‌ - 19 ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 25,818 ක්‌ ලෙස වාර්තාවේ.

    ඉන්‌ පුද්ගලයින්‌ 17,850 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රොහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම්‌ කම්හල්‌ පොකුර ~ 3,059

    පෑලියගෙඩ මාළු වෙළඳපලේ පොකුර ~ 22,759

    ඊයේ (08) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්‌-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 29,377 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 21,257 ක්‌ පූර්ණ සුවය ලබා රොහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. ඊයේ (08) දින වනවිට රොහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින්‌ 7,978 දෙනෙකු තවදුරටත්‌ ප්‍රතිකාර ලබයි.

    අද (09) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තූළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින්‌ පුද්ගලයින්‌ 454 ක්‌ පූර්ණ සුවය ලබා පිටව ගොස්‌ ඇත.

    අද (09) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තූළ) ශ්‍රී ලංකාව තුළින්‌ කිසිදු කොචිඩ්‌-19 වෛරසය ආසාදිත මරණයක්‌ වාර්ථා වී නොමැත.

    Latest News