ඊයේ ආසාදිතයින් 703ක්..237ක් බන්ධනාගාර ආශ්‍රිතව

දෙසැ 08, 2020

    'කොවිඩ් 19' රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 20,804 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගෙන් සුවය ලැබූ පිරිස 17,000කට අධිකයි.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි 47 දෙනෙක් සුවය ලබා පිටව ගියේය. ඔවුන්, සියලු දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්.

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 72.79ක්. ප්‍රතිකාර ලබන පිරිසේ ප්‍රතිශතය 26.71ක් වන අතර 7,634 දෙනෙක් ඊට අයත්.

    මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 25021 ක්. ඉන් 17,396 දෙනෙක් සුවය ලබා තිබේ. ප්‍රතිශතයක් ලෙස එය 69.53ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, 7,625 දෙනෙක් පමණයි.

    මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 703 දෙනෙක් ඊයේ හඳුනා ගැනිණ. ඉන් 466 දෙනෙක් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමයින්. සෙසු 237 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රිත වාර්තා වූ රෝගීන්. මේ අතර පූර්ණ සුවය ලැබූ 344 දෙනෙක් රෝහල්වලින් ඊයේ පිටව ගියේය.

    ඊයේ පීසීආර් පරීක්ෂණ 13,/831ක් සිදු කෙරිණ. මෙරට මෙතෙක් සිදු ‍කර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 9,33870ක්.

    Latest News