කෝටියක මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

දෙසැ 08, 2020

    උතුරේ ගම්මානවල සිට මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ මීගමුව ප්‍රදෙශයේ නවාතැන්වල ගත කරමින් කොළඹ හා තදාසන්න පෙ‍දෙස්වල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක සාමාජිකයන් දෙදෙනකු රුපියල් කෝටියකට වැඩි කේරල ගංජා, අයිස්, හෙරොයින් ඇතුලු මත් ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

    හදිසි මාර්ග බාධයකදී මෝටර් රියක් පරීක්ෂාවට ලක් කර අත්අඩංගුවට ගැනුනු සැකකරුවන්ගෙන් ලත් තොරතුරු අනුව මෙම වැටලීම කරනු ලැබීය.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ පදිංචි 58 හැවිරදී පුද්ගලයෙකු හා මීගමුව ජයරත්න පාරේ වෙසෙන 33 හැවිරිදි පුද්ගලයෙකි.

    මීගමුව අලුත්පාරේදී පරීක්ෂාවට ලක් කෙරුණු මෝටර් රථයේ තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 6ක් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් හා හෙරොයින් ග්‍රෑම් 200 ක් පොලිසිය සොයා ගෙන ඇත.

    Latest News