සංචාරයට සුදුසුම රට ලංකාවයි

ඔක් 23, 2018

    2019 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත් සුදුසුම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

    මේ බව දක්වා ඇත්තේ, ලොව ප්‍රධාන පෙළේ සංචාරක සඟරාවක් වන ලොන්ලි ප්ලැනට් සඟරාවේය.
    මේ සඟරාවට අනුව, මෙරට යුද්ධය නිමාවී වසර 10ක් ආසන්න වන අවස්ථාවේ ලොව සංචාරය කිරීමට වඩාත් හිතකර රටවල් 10 අතරින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

    ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ පහසුකම් වර්ධනය වීම, නව හෝටල් මෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරකම් ඉහළ නැංවීම ඊට ප්‍රධාන හේතු බවයි, ලොන්ලි ප්ලැනට් සඟරාව පෙන්වා දෙන්නේ. මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරේ. ඉකුත් වසරේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව විසි ලක්‍ෂය ඉක්මවා තිබේ. 2020 වනවිට එය දෙගුණයක් බවට පත්කර ගැනීමට අපේක්‍ෂිතයි. ලොව සංචාරය කිරීමට වඩාත් හිතකර රටවලින් දෙවැනි ස්ථානය ජර්මනියට හිමිව ඇති අතර, සිම්බාබ්වේ තෙවැනි ස්ථානයට පත්ව සිටි. ලොන්ලි ප්ලැනට් සඟරාව ලොව හොඳම නගර ලෙස නම් කර ඇත්තේ, කෝපන් හේගන්, ෂෙන් ෂෙන්, කත්මන්ඩු හා මියාමි නගරයි.

    Last modified on අඟහරුවාදා, 23 ඔක්තෝබර් 2018 19:06

    Latest News