රුහුණු සරසවියේ සිසුන් දෙදෙනෙක්ටත් කොවිඩ්

දෙසැ 06, 2020

    රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යාවන් දෙදෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි වාර්තා වේ.

    වසා දමා තිබූ ඉංජිනේරු පීඨය පසුගිය සතියේ තුන්වැනි හා අවසන් වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා යළි ආරම්භ කර ඇති අතර කිසිදු ශිෂ්‍යයකුට විශ්වවිද්‍යාල භූමියෙන් පිටතට යාමට හෝ පිටස්තර පුද්ගලයන්ට ඇතුළට ඒමට ද අවසර ලබාදි නොතිබු බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් පිඨය තුළම සපයාී තිබු බව සෞඛ්‍ය අංශ පවසයි.

    සිසු සිසුවියන් තම ගම්පළාත්වල ගොස් පැමිණ සිටි බැවින් පසුගිය (04)  වැනි දින එම කණ්ඩායම් වලින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර, ඉන් මෙම සිසුන් දෙදෙනා කොරෝනා ආසාදිත බව ඊයේ (05) හඳුනාගෙන ඇත.

    එම සිසුන් දෙදෙනා සියඹලාපේ සහ මතුගම ප්‍රදේශවල පදිංචිකාරියන්.

    ඔවුන්ගේ ආශ්‍රිත පිරිස් නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කරමි සිටින බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසීය.

    Latest News