ගාල්ල 5 වන වරටත් පරාජය වෙයි

දෙසැ 06, 2020

    Galle Gladiators සහ Dambulla Viiking අතර ඊයේ සවස පැවැත්වුනු LPL තරඟය ජයග්‍රහණය කිරීමට Dambulla Viiking කණ්ඩායම සමත් වුණා.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Dambulla Viiking කණ්ඩායම කඩුළු 4කට ලකුණු 207 ක් රැස් කළ අතර, එම ඉල්ලකය හඹා ගිය Galle Gladiators කණ්ඩායමට පන්දුවාර 20 අවසානයෙදී කඩුළු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි.

    මේ අනුව Dambulla Viiking කණ්ඩායම ලකුණු 9 කින් තරඟය ජයග්‍රහණය කළා.

    Galle Galdiators කණ්ඩායම මෙතෙක් LPL තරඟාවලිය තුළ තරඟ වැදුනු තරඟ 5ම පරාජයට පත්වීම විශේෂත්වයක්.

    Galle Gladiators කණ්ඩායමට පෙර නායකත්වය දුන් ෂහිඩ් අෆ්රිඩි පෞද්ගලික හේතුවක් හේතුවෙන් නැවත සිය රට බලා යාම නිසා, ඔහුට මේ ත​රඟයට එක්වීමට හැකිනොවීය.

    Latest News