තවත් ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

දෙසැ 06, 2020

    අද (06) උදෑසන කටාර් සිට පුද්ගලයින් 41ක් හා ඉන්දියාවේ සිට පුද්ගලයින් 23ක්, ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 36ක් හා ජපානයේ සිට පුද්ගලයින් 51ක් දිවයිනට පැමිණ තිබේ.

    එමෙන්ම ඩුබායි සිට ද පුද්ගලයින් තිස් තුන් දෙනෙක් මෙරටට පැමිණියේය. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය සඳහා යොමුකිරීමට කටයුතු සූදානම් කර තිබේ.

    අද දිනයේ දී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 61ක් තුල පුද්ගලයින් 6,730 දෙනෙක් නිරෝධායන වෙමින් සිටියි.

    ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 13,741ක් සිදු කෙරිණ.

    Latest News