ප්‍රභූ ආරක්ෂකයින් 44 කට කොරෝනා ආසාදනය වී ඇ.ති බව වාර්තා වේ

දෙසැ 06, 2020

    ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනයවී ඇති අතර, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1277ක් බවද එම ආරංචි මාර්ග පවසයි.

    මෙම ආසාදිත නිලධාරීන් දිවයිනේ පොලිස් ස්ථාන 85කින් වාර්තාවී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    කොටුව පොලිසියේ නිලධාරීන් 162 දෙනකුට ද, බොරැල්ල පොලිසියේ නිලධාරීන් 107 දෙනකුට ද, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 68 දෙනකුට ද, කෙසෙල්වත්ත පොලිසියේ 76 දෙනකුට ද, ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් 39 දෙනකුට ද, මරදාන පොලිසියේ නිලධාරීන් 23 දෙනකුට ද, පිටකොටුව පොලිසියේ නිලධාරීන් 20 දෙනකුට ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 15 දෙනකුට ද, පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 12 දෙනකුට ද, පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් 08 දෙනකුට ද, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් 09 දෙනකුට ද, පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයේ නිලධාරීන් 23 දෙනකුට ද, කුරුඳුවත්ත පොලිසියේ 31 දෙනකුට ද, මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනයවී ඇතැයි වාර්තාවේ.

    කොරෝනා වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන් 1277 දෙනා අතුරින් 925 දෙනකු සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති අතර නිළධාරීන් තවත් 352 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    Latest News