දඩුකැලේ වත්තෙන් තවත් ආසාදිතයින් 16ක්

දෙසැ 05, 2020

    සංචරණ සිමා පනවා ඇති හැටන් නොටන්බ්‍රිජ්, දඩුකැලේ වත්තෙන් අද (05) දින 'කොවිඩ්-19' වෛරසය අසාදනය වූ අසාතියන් 16 දෙනෙක් හමුව තිබේ.

    පි.සි.ආර් පරික්ෂණ වාර්තාවලින් තහවුරු වූ බවයි අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසුවේ.

    දඩුකැලේ වතුයායේ අසාදිතයන් මේ වන විට 26 දෙනෙක් හමුව තිබේ. අසාදිතයන් හමු වූ වතු නිවාස පේලි දෙකේ එම අසාදිතයන්ගේ ආශ්‍රිතයින් 35 දෙනෙක් ස්වයං නිරෝධනයට යොමු කර ඇත.

    එම පොකුරේ ප්‍රථම අසාදිතයා පැලියගොඩ මත්ස්‍ය වෙලදපොළේ ආශ්‍රිතයෙක් බවයි, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැඩිදුරටත් කියා සිටියේ.

    සංචරණ සිමා පනවා ඇති එම වතුයායට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇත.

    Latest News