සෞඛ්‍ය නීති කැඩූ 13ක් අත්අඩංගුවට

දෙසැ 05, 2020

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොසළකා හැර සිටි 13 දෙනෙක් අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 1027 දෙනෙක්.

    කොවිඩ්-19 රෝගය වැළඳීම වළක්වා ගනිමින් දෛනික කටයුතු සිදු කළයුතු ආකාරය පිළිබඳව බස්නාහිර පළාතේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි.

    ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ මෙහෙයවීමෙන්. අත්පත්‍රිකා මගින් ජනතාව දැනුවත් කිරීමේ අදියර ඊයේ ආරම්භ කෙරුණේ මාලඹේ නගරයෙන්.

    කොරෝනා පරදවමු උපදෙස් පිළිබඳිමු, ජීවිතය සුරකිමු තේමාවෙන් මෙය ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 05 දෙසැම්බර් 2020 10:57

    Latest News