ඉන්දීය සාගර ආරක්‍ෂක සහයෝගිතා ත්‍රෛයි පාර්ශ්වික සමුළුව ඇරඹේ

නොවැ 28, 2020

    ඉන්දීය සාගර ආරක්‍ෂක සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකා ඉන්දීය හා මාලදිවයින් ත්‍රෛයි පාර්ශ්වික සමුළුව, අද කොළඹ දී ආරම්භ විය.

    මේ රටවල් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වැනි ආරක්‍ෂක සමුළුව මෙයයි.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අරක්‍ෂක සමුළුවට සහභාගි වේ. ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දෝවාල් මහතා ඉන්දියාව නියෝජනය කරන අතර, ආරක්‍ෂක ඇමති මාරියා අහම්ඩ් ඩිඩි මාලදිවයින නියෝජනය කරයි.

    සමුද්‍රීය ආරක්‍ෂාව පිලිබඳ ත්‍රෛයි පාර්ශ්වික කතිකාව ආරම්භ වූයේ 2011 වසරේදී. මෙවර සමුළුව පැවැත්වෙන්නේ වසර 6ක විරාමයකින් පසුවයි.

    Latest News