ප්‍රදේශ කිහිපයක හුදකලා බව හෙට උදෑසන 5.00ට ඉවත් කෙරේ

නොවැ 29, 2020

    හෙට (30) උදෑසන 5 සිට තවත් ප්‍රදේශ කිහිපයක හුදකලාභාවය ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව මේ දක්වා හුදකලා කර තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ ප්‍රදේශය හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල හුදකලාභාවය මෙලෙස ඉවත් කෙරේ.

    අනෙකුත් ප්‍රදේශ තවදුරටත් හුදකලා කර ඇතැයි ද පැවසු යුද හමුදාපතිවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම හා මීගමුව යන පොලිස් ප්‍රදේශවල ද හුදකලාභාවය හෙට උදෑසන ඉවත් කරන බව පැවසීය.

    හුදකලා කිරීම සහ එසේ නොවන ප්‍රදේශ දක්වන නිවේදනය පහතින් දැක්වේ.

    මෝදර පොලිස් වසම

    බ්ලුමැන්ඩල් පොලිස් වසම

    කොටහේන පොලිස් වසම

    ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම

    ආදුරුප්පු වීදිය පොලිස් වසම

    වේල්ලවීදිය පොලිස් වසම

    කෙසෙල්වත්ත පොලිස් වසම

    මාළිගාවත්ත පොලිස් වසම

    දෙමඩගොඩ පොලිස් වසම

    මරදාන පොලිස් වසම

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ

    වෑකන්ද ග්‍රාම නිලධාරී වසම

    බොරැල්ල පොලිස් වසමේ

    වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම

     

    ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීගමුව රාගම යන ප්‍රදේශ හෙට අලුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවා හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා බව තවදුරටත් පවතින ප්‍රදේශ,

    පෑලියගොඩ

    කැලණිය

    වත්තල

    මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස හුදෙකලා භාවයේ පවතින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

    මේ අතර, වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශයට අයත් රන්සඳ සෙවණ නිවාස සංකීර්ණය, සාලමුල්ල සහ විජයපුර ග්‍රාම නිලධාරී වසම හෙට පෙරවරු 5.00 සිට හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා.

    කෙසේ වුවත් ලබන බදාදා දිනයේදී දැනට හුදෙකලා කර ඇති සෙසු ප්‍රදේශවල තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදුකොට එම ප්‍රදේශ හුදෙකලා භාවයෙන් මුදා හරිනවාද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවද මෙහිදී හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    Latest News