ෆිච් ආයතනයට මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිචාර

නොවැ 28, 2020

    ශ්‍රී ලංකාවේ මූල්‍ය ශ්‍රේණිගත කිරීම පහත දැමීමට ෆිච් ආයතනය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජය කනස්සල්ල පළ කරයි.

    මූල්‍ය ගැටලු විසඳීම සඳහා රජය හඳුන්වාදී ඇති වැඩපිළිවෙළ හා අය-වැය මගින් ඒ සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා කිසිවක් සැලකිල්ලට නොගෙන මෙවැනි ක්‍රියාමාර්ගයකට එළඹීම සුදුසු නොවන බව, මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්වේ.

    ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම "ඩී" ශ්‍රේණියේ සිට "සී" ශ්‍රේණිය දක්වා පහත හෙලීමට ෆිච් ආයතනය ක්‍රියාකර තිබිණ. ඊයේ නිකුත් කෙරුණු ඔවුන්ගේ වාර්තාව සම්බන්ධයෙන් රජය ප්‍රතිචාර දැක්විය. මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, රජය එම ශ්‍රේණිගත කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

    කොවිඩ්-19 වසංගතය හමුවේ ඇති වූ පසුබෑම මධ්‍යයේ වුවද රජය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරන බව එම නිවේදනයේ සඳහන්. සෘජු විදේශ ආයෝජන වසරේ මුල භාගය තුළ අඩුවීමක් පෙන්නුම් කළ ද ඉදිරි කාර්තුවලදී එය යහපත් අතට හැරෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    2021 අය-වැය තුළින් රජය නව ආර්ථික ප්‍රවේශයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත්තේ, ෆිච් ආයතනය සිය ශ්‍රේණිගත කිරීම්වලදී ඒවා සැලකිල්ලට නොගැනීම කණකාටුවට කරුණක් බවයි.

    Latest News