LPL හා එංගලන්ත තරඟාවලිය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනූව

නොවැ 23, 2020

    ලබන 26 ආරම්භ කෙරෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සහ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව සිදු කිරීමට පියවර ගන්නා බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ පිළිබඳ විශේෂ සාකච්ජාවක් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

    කොවිඩ්-19 තාක්ෂණික කමිටුවේ නිර්දේශවලට අනූව එම මාර්ගෝපදේශන මාලාව සකස් කිරීමට නියමිතයි.

    Latest News