විදෙස් ගත ලාංකිකයින් ගෙන්වන්නේ කොවිඩ් කාර්යා සාධක බලකායේ දැනුවත්වීම මතයි

නොවැ 19, 2020
    විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වන විට අනිවර්යයෙන්ම කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ දැනුවත්කම යටතේ සිදුකළ යුතු බවට විදේශ අමාත්‍යංශයට හා තානාපති කාර්යාලවලට දැනුම් දී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 
    ඊයේ(18) දිනයේ දී 340ක්ද අද(19) සියයකට ආසන්න පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිතයි.
     
    සතියකට ගුවන් යානා 05කින් පමණ විදෙස් ගත ලාංකිකයින් යළි දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සිදු කරනු ලබන බව යුදහමුදාපතිවරයා පැවසීය.
     
    එලෙස පැමිණෙන ඇතැම් ලාංකිකයින්ට අවශ්‍යනම් පෞද්ගලික හෝටල්වල ස්වයංනිරෝධායන කටයුතු වෙනුවෙන් දිවයිනට පැමිණීමෙන් පසු රුපියල් 7,500ක මුදලක් ගෙවා ඇතුලත් විය හැකිය. නැතිනම් ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාවලට ඇතුලත් වීමේ පහසුකම් ද සලසා ඇත. 

    Latest News