මෙරට දැනට ප්‍රතිකාර ලබන කොවිඩ්19 රෝගීන් ගණන 5,206 ක්

නොවැ 15, 2020

    අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 392 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ඉන් දේශියව පුද්ගලයින් 389 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකකයින් 03 දෙනෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ ප්‍රදේශයෙන් වන අතර එය ආසාදිතයින් 205 ක්, ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 40 ක් සහ කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 14 ක් ලෙසත් වාර්තා වේ.

    අද (15) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 13,079 ක් වේ. ඉන් පුද්ගලයින් 7,899 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මීනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3106 කොළඹ මාළු වෙළඳපලේ පොකුර - 9973

    ඒ අනුව ඊයේ (14) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 16,582 ක් වන අතර ඉන් පුද්ගලයින් 11,323 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (14) දින වනවිට රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,206 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    Latest News