ඊයේ PCR පරික්ෂණ 13,671 ක්

නොවැ 15, 2020

    අද (15) උදෑසන 6න් අවසන් පැය 24 තුළ කොවිඩ්19 වැළඳුනු පුද්ගලයින් 293 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    එමෙන්ම ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී කිසිදු මරණයක් වාර්තා නොවුණු ඇති අතර අද උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 53 ක් වේ.

    අද (15) දින උදෑසන වනවිට, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

    ඒ අතර අද උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයින් 41 ක් සහ ඩුබායි සිට පුද්ගලයින් 20 ක් මෙරටට පැමිණ ඇත. එසේම, අද රාත්‍රී ඩුබායි සිට පුද්ගලයින් 59 ක් සහ මාලි සිට එක් පුද්ගලයෙකු මෙරටට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

    අද වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 31 ක් තුළ පුද්ගලයින් 2,950 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    එමෙන්ම ඊයේ (14) දිනය තුල PCR පරික්ෂණ 13,671 ක් සිදුකර ඇත.

    Latest News