ප්‍රදේශ කිහිපයකට 100mm පමණ තද වැසි

නොවැ 15, 2020

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    Latest News