දිපවාලි උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක් අද (22) සිට

ඔක් 22, 2022

    දිපවාලි උත්සව සමය වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කෙරේ.

    එළඹෙන දිපවාලි උත්සව සමය නිමිත්තෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිටින, හැටන් ඇතුළු වතුකරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් (22) දින සිට ධාවනය එක් කර ඇත.

    හැටන් බස් නැවතුම්පොලේ සිට කෙටිදුර ධාවනයට ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ද එක් කර තිබුණි. එළඹෙන දිපවාලි උත්සව සමය වෙනුවෙන් අලුත් ඇදුම් පැලදුම් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට වතුකරයේ විශාල ජනතාවක් හැටන් නගරයට පැමිණ සිටි අතර, එසේ පැමිණෙන ජනතාව වෙනුවෙන් හැටන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් දියත් කර තිබුණි.

    Last modified on සෙනසුරාදා, 22 ඔක්තෝබර් 2022 21:03

    Latest News